යුරෝපය අත්හැර ඇමෙරිකාව වෙත එකතු වෙන්න - ට්‍රම්ප්


බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ විට ඔවුන්ට එක්සත් ජනපදය සමග වඩාත් ඵලදායී වෙළෙඳ ගිවිසුමකට එලැඹීමට හැකි බව ඩොනල්ඩ ට්‍රම්ප් පවසයි.

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමෙරිකානු නායකයා, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර තිබේ.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික නායකයන් සමග තමන් සිදුකරන සාකච්ඡාවලදී තමා සමීපයේ සිටින ලෙසද ට්‍රම්ප්, තෙරේසා මේ වෙත දන්වා ඇත.

මේ අතර, ඔවුන් දෙදෙනාගේ සාකච්ඡා මේසයට හුවාවේ සමාගම සම්බන්ධ කාරණාද පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, ඇමෙරිකානු නායකයාගේ සංචාරයට එරෙහිව සිදුවන විරෝධතා අද දිනයේදීද පැවැත්වුණු අතර, බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂ නායකයන්ද එම විරෝධතාවලට සම්බන්ධ වී සිටියහ.



Recommended Articles