යුරෝපා කලාපයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී 10%ක් දක්වා ළඟා වී තිබේ.
කෙසේ වෙතත්, එය ඔක්තෝම්බර් මාසයේදී පැවති 10.6% සිට පහළ යෑමක් දක්නට ලැබෙන බව යුරෝපා සංගමයේ සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි.
යුක්රේන අර්බුදය සමග ඇතිවූ සැපයුම් බාධක මෙන්ම, ඉන්ධන අර්බුද හේතුවෙන් පසුගිය කාලය පුරා යුරෝපා කලාපයේ උද්ධමනය ආසන්න කාල සීමාවේ ඉහළම අගයට පැමිණ තිබුණි.