යුද විරෝධී උද්ඝෝෂණයක් වොෂිංටනයේදී ආරම්භ වේ


යුද ප්‍රචණ්ඩත්වයට එරෙහි රැළියක් එක්සත් ජනපදයේ වොෂිංටන් ඩීසී හිදී සංවිධානය වී ඇති අතර, දහස් ගණනක් ජනයා යුක්රේනයේ යුද ගැටුම් අවසන් කරන ලෙස බල කිරීම එහි අරමුණ වී ඇත.

මෙම විරෝධතාකරුවන් ධවල මන්දිරය දෙසට පා ගමනින් යමින් පවසන්නේ කියෙව් වෙත ඇමෙරිකාව සපයන යුද ආධාර නතර කරමින් යුද්ධය නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසයි.

2003 වසරේ ඉරාක යුද්ධයට එරෙහිව රැළියක් සංවිධානය කළ එරට ලිබරල් සහ ජනතාවාදී පක්ෂ මෙම රැළිය සංවිධානය කර ඇති අතර, මෙය එදා සංවිධානය කළ රැළියට පසුව පැවැත්වූ දැවැන්තම රැළිය බවද පෙන්වා දෙයි.



Recommended Articles