යුක්‍රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ බිරිඳ වන ඔලේනා කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසුව, ජනාධිපතිවරයා විශේෂ සෞඛ්‍යාරක්ෂිත රාජකාරී ක්‍රමයක් වෙත මාරු වෙමින් සිටින බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
එහිදී ජනාධිපති සෙලෙන්ස්කිද නව කොරෝනා වෛරස් පරීක්ෂණයකට භාජනය කළ නමුත් ප්‍රතිඵලය සෘණාත්මක බව ජනාධිපති කාර්යාය පවසයි.
යුක්‍රේන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට තම බලතල කිසිවෙකුට පැවරිය නොහැකි අතර, මේ නිසා ස්වයං හුදකලාවීමේ සහ නිරෝධායන තත්ත්වයක් අපේක්ෂා නොකළ බව එම ප‍්‍රකාශයට අනුව කියැවෙයි.
"වත්මන් ව්‍යවස්ථාවේ සම්මතයන් සහ බෝවන හා වසංගත රෝග අවශ්‍යතා යන දෙකම සපුරාලමින් ජනාධිපතිවරයාගේ රාජකාරී කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ කෙටුම්පතක් සම්මත වූයේ එබැවිනුයි."
ඒ අනුව සෙලෙන්ස්කි දිනපතා කොවිඩ්-19 පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වන බව ඔහුගේ කාර්යාලය පවසයි.
"ඔහු මෙහිදී භෞතික සන්නිවේදනයේ පරාසය සීමා කරන අතර, අන්තර්ජාලය හරහා රැස්වීම් පවත්වනවා" එම ප්‍රකාශයේ සඳහන් වේ. "රාජ්‍ය නායකයා සමග පුද්ගලික සන්නිවේදනය සම්බන්ධ මුහුණට මුහුණ හමුවීම් ඉදිරි දිනවලදී බැහැර කරනු ලබනවා."
සෙලෙන්ස්කි ප්‍රසිද්ධ උත්සවවලට සහභාගී නොවන අතර, කියෙව් අගනුවරින් පිටත ඔහුගේ සියලු වැඩකටයුතු අවලංගු කර ඇති බව ඔහුගේ කාර්යාලය පවසයි.
"එහිදී ජනාධිපතිවරයා පෞද්ගලිකව සන්නිවේදනය කරන පුද්ගලයන්ගේ කවය, ආරක්ෂාව සහ සමීපතම සහායකයන් දක්වා පටුවනු ඇති" බවද එම ප්‍රකාශයේ සඳහන් වේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව යුක්‍රේනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් මේ වනවිට 30,415ක් වාර්තා වී ඇති අතර, වෛරසය ආශ්‍රිත මරණ 880ක් වාර්තා වී තිබේ.