යුක්රේනයේ හෙලිකොප්ටර් අනතුරකින් 17ක් ජීවිතක්ෂයට


යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 17 දෙනෙකුට මරු කැඳවූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් යුක්රේන ආරක්ෂක සේවා පූර්ව පරීක්ෂණයක් දියත් කර තිබේ.

ගුවන් ගමන් රීතිය උල්ලංඝනය කිරීම, හෙලිකොප්ටරයේ තාක්ෂණික දෝෂ, හෙලිකොප්ටරය විනාශ කිරීමට හිතාමතා ක්‍රියා කිරීම ඇතුළු මෙම ඛේදවාචකය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් ආකාර කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, මෙම අනතුරට රුසියානු මැදිහත්වීම ගැන මෙතෙක් යුක්රේනයෙන් සැකයක් පළකර නැති අතර, ජනාධිපති සෙලෙන්ස්කිද මෙම අනතුර හැඳින්වූයේ "ඛේදවාචකයක්" ලෙසිනි.



Recommended Articles