යුක්රේනයේ සියලුම විදේශීය කුලී හේවායන් සිටින ස්ථානය තමන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ඉලක්ක කරගෙන දිගටම ප්‍රහාර එල්ල කරන බවත් රුසියාව එම කුලී හේවායන්ට පණිවුඩයක් යවමින් කියා තිබේ.
එහිදී, යුක්රේනයේ සටන්වලට යෑම සඳහා තම පුරවැසියන් දිරිමත් කරන බටහිර ආණ්ඩු ඔවුන්ගේ මරණයට වගකිව යුතු බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේ, යවොරොව් කඳවුර විනාශ කරමින්, කුලී හේවායන්ට රුසියාවෙන් කිසිදු අනුකම්පා නොමැති බවට ප්‍රතිඥා දෙමිනි.
රුසියානු හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "යුක්රේනයේ විදේශ කුලී හේවායන්ගේ සියලුම ස්ථාන අප දන්නවා. මට ඔබට නැවත අනතුරු ඇඟවීමට අවශ්‍යයි. කුලී හේවායන් යුක්රේනයේ කොතැනක සිටියත් ඔවුන්ට අපේ දයාවක් නැහැ." යනුවෙනි.
කොනෂෙන්කොව් පැවසුවේ බටහිර ආණ්ඩු ගණනාවක් රුසියානු හමුදාවන්ට එරෙහිව කුලී හේවායන් ලෙස සටන් කිරීමට තම පුරවැසියන් දිරිමත් කර ඇති බවය. "යුක්රේනයේ සිටන මෙම විදේශීය පුරවැසියන්ගේ මරණය පිළිබඳ වගකීම මෙම රටවල නායකත්වය මත පැවරෙනු ඇති" හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.