රුසියානු හමුදා ඩොන්බාස් හි කළු මුහුද ආශ්රිත ප්‍රධාන වරාය නගරයක් වන මරියුපෝල් නගරය සම්පූර්ණයෙන්ම අල්ලා ගත් බව ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට දන්වා තිබේ.
කෙසේ වෙතත්, කියෙව්ට පක්ෂපාතී සටන්කාමීන් 2,000කට වැඩි පිරිසක් තවමත් නගරයේ ඇසෝවාස්ටල් වානේ කම්හලෙහි රැඳී සිටින බව ඔහු පැවසීය.
ප්‍රදේශයට කඩා වැදීමක් සිදු නොකර, ඒ වෙනුවට ප්‍රදේශය ආරක්ෂිතව අවහිර කරන ලෙස පූටින් ඔහුට නියෝග කර ඇති අතර, තවත් ඇතුළත සිටින අයට ආයුධ බිම තැබීමට අවස්ථාව දෙන ලෙසද දන්වා තිබේ.
මාර්තු මස මුලදී මරියුපෝල් නගරය වට කරන විට, රුසියානු ආරක්ෂක ඇමතිවරයාගේ ඇස්තමේන්තුවලට අනුව, කුප්‍රකට නව-නාසි ආසෝව් බලඇණියේ සාමාජිකයින් ඇතුළුව යුක්රේන සොල්දාදුවන්, විදේශීය කුලී හේවායන් සහ ජාතිකවාදී සටන්කාමීන් 8,100ක් පමණ ඒ තුළ රැඳී සිට ඇත.
කෙසේ වෙතත් මේ වනවිට යුක්රේන සටන්කාමීන් 1,400කට වැඩි පිරිසක් ආයුධ බිම තබා ඇති අතර, 142,000කට අධික සිවිල් වැසියන් නගරයෙන් ඉවත් කර ඇති බව ෂොයිගු පැවසීය.
යටත් වීමේ යෝජනාව පිළිගෙන සියලු සතුරුකම් නැවැත්වුවහොත්, ආරක්ෂක සහතික ලබා දෙමින්, ආයුධ බිම තබන ලෙස රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉතිරි යුක්රේන හමුදාවන්ගෙන් ඉල්ලා ඇත.