යුක්රේනයේ ධාන්‍ය රැගත් නෞකාව තුර්කියට පැමිණේ


පැනමා ධජය සහිත නවිස්ටාර් නෞකාව, යුක්රේන බඩ ඉරිඟු ටොන් 33,000ක් පමණ අයර්ලන්තයට රැගෙන, තුර්කියේ බොස්ෆරස් සමුද්‍ර සන්ධියට ළඟා වී ඉස්තාන්බුල් හි නැංගුරම් ලා ඇති බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තහවුරු කළේය.

යාත්‍රාව එහි ගමනාන්තයට යාමට පෙර ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සාමාජිකයින්ගේ පරීක්ෂාවකට ලක් කිරීමට දැන් බලාපොරොත්තු වන අතර, මෙම පරීක්ෂණ කණ්ඩායමට තුර්කිය, රුසියාව, යුක්රේනය සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ඇතුළත් වන බව තුර්කි මාධ්‍ය පවසයි.



Recommended Articles