යුක්රේනයේ ධාන්‍ය අපනයන යළිත් සුපුරුදු ලෙස ඇරඹෙයි


රුසියාවේ යුක්රේන හමුදා මෙහෙයුම් ආරම්භයේ සිට යුක්රේන වරායෙන් පිටව ගිය පළමු ධාන්‍ය නෞකාව බදාදා පරීක්ෂාවට ලක්වෙමින්, ගෝලීය ආහාර අර්බුදය සමනය කිරීමට බොහෝ දෙනාගේ බලාපොරොත්තු නංවා තිබේ.

ඒ අනුව, ඉරිඟු ටොන් 26,527ක් රැගත් මෙම නෞකාව පසුගිය සඳුදා යුක්රේනයේ ඔඩේසා වරායෙන් පිටත් වූ අතර අඟහරුවාදා රාත්‍රියේ බොස්ෆරස් සමුද්‍ර සන්ධියේ දොරටුව අසල නැංගුරම් ලා තිබුණි.

ටර්කියේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය මාසයේ රුසියාව සහ යුක්රේනය අතර ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසුව මෙම නැව්ගත කිරීම සිදුවිය.

යුක්රේනය පැවසුවේ කෘෂිකාර්මික නිෂ්පාදන පටවාගත් තවත් නෞකා 17ක් යාත්‍රා කිරීමට අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ලෙබනනයේ යුක්රේන තානාපති ඉහෝර් ඔස්ටාෂ් පැවසුවේ මෙම නෞකාව දින හතරක් හෝ පහක් තුළ ට්‍රිපොලි වරායට පැමිණීමට අපේක්ෂා කරන බවයි.



Recommended Articles