යුක්රේනය පවසන්නේ තමන් අත්පත් කරගත් භූමියේ රුසියානු කඳවුරුවලට දැඩි හානියක් ගෙනදෙන ප්රහාරයක් සිදුකළ බවය.
තම හමුදාව ඊසානදිග කාර්කිව් නගරය සහ දකුණු නගරය වන කෙර්සන් අවට භූමි ප්රදේශය නැවත අත්පත් කර ගනිමින් සිටින බවද යුක්රේනය පවසයි.
මේ අතර, යුක්රේන හමුදාව ප්රදේශ කිහිපයකට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද දරුණු ෂෙල් ප්රහාර වාර්තා වී ඇති අතර, රුසියාව විසින් බෝම්බ හෙළා මරියුපොල් සම්පූර්ණයෙන් විනාශ කර ඇති බවද කියයි.