යුක්රේනයේ ගැටුම මධ්‍යයේ සෞඛ්‍ය අනතුරේ - WHO


යුක්රේනයේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නිරීක්ෂකයන් අනතුරු අඟවා ඇත්තේ රුසියානු හමුදා සමග පවතින සටන් මධ්‍යයේ, යුද්ධය හේතුවෙන් කොවිඩ්-19 සිට සරම්ප දක්වා බෝවන රෝග පැතිරවීමට උපකාරී විය හැකි බව පවසමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ, "යථාර්ථය නම් යුක්රේනයේ අප දකින තත්ත්වයන් බෝවන රෝග ව්‍යාප්ත කිරීමට සහ පැතිරීමට ඇති නරකම අමුද්‍රව්‍ය බවයි. කොවිඩ් වේවා, පෝලියෝ වේවා, සරම්ප වේවා, කොලරාව වේවා, මේ අමුද්‍රව්‍ය භයානකයි." යනුවෙනි.

එම සාකච්ඡාවේදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, "මෙම තත්ත්වයට ඇති එකම සැබෑ විසඳුම සාමයයි. මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් සඳහා කැපවන ලෙසත්, මානුෂීය ආධාර සඳහා ආරක්ෂිත, බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඉඩ සලසන ලෙසත් ඉල්ලා සිටිනවා." යැයි සඳහන් කළේය.



Recommended Articles