රුසියාවේ යුක්රේන ආක්රමණට වසරක් සපිරෙන මොහොතේ ස්පාඤ්ඤ අග්රාමාත්ය පේද්රෝ සැන්චේස් හදිසි සංචාරයක් සඳහා යුක්රේනය වෙත පැමිණ තිබේ.
යුද්ධයට වසරක් ගතවන තැන තමා යුක්රේනය වෙත පා තැබූ බව පවසන ස්පාඤ්ඤ අගමැතිවරයා, යුරෝපයට සාමය උදාවන තරු යුක්රේනය සහ එරට ජනතාව වෙනුවෙන් ස්පාඤ්ඤය පෙනීසිටින බව කියා සිටියේය.
යුක්රේනය වෙත සිදුවූ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සංචාරයෙන් දින කිහිපයකට පසුව මෙසේ ස්පාඤ්ඤ අගමැතිවරයාගේ හදිසි සංචාරය සිදුවීමද විශේෂත්වයකි.