යුක්රේනය වෙත සහාය දැක්වීමේ ප්රධාන සලකුණක් ලෙස දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි Leopard 2 යුද ටැංකි සමූහයක් යුක්රේනයට යවන බව ජර්මනිය තහවුරු කර තිබේ.
බදාදා චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් විසින් කරන ලද නිවේදනයට අනුව, මූලිකව යුද ටැංකි 30ක් පමණ යුක්රේනයට යැවීමට ජර්මනිය තීරණය කර තිබුණේ, එක්සත් ජනපදය විසින් අපේක්ෂා කරන ලද තීරණයක් ලෙසිනි.
බර්ලිනයට එහි සමහර නේටෝ සගයන්ගෙන් සති ගණනක් පුරා එල්ල වූ තීව්ර පීඩනයෙන් පසුව මෙම තීරණයට එලැඹ තිබුණි.
ඒ අනුව, ජර්මනිය යුක්රේනය සඳහා යුද සහයෝගය තවදුරටත් ශක්තිමත් කරන බව ෂෝල්ස් ඔහුගේ කැබිනට් මණ්ඩලයට ප්රකාශ කළ බව ජර්මානු රජයේ ප්රකාශක ස්ටෙෆන් හෙබෙස්ට්රේට් පැවසීය.
"Leopard 2 යුධ ටැංකි යුක්රේන සන්නද්ධ හමුදාවන්ට ලබා දීමට ෆෙඩරල් රජය තීරණය කළා" ඔහු පැවසීය.