යුක්රේනයට බ්‍රිතාන්‍යයෙන් ප්‍රහාරක ඩ්‍රෝන ලබාදීමක්


බ්‍රිතාන්‍ය රජය යුක්රේනය වෙත කිලෝමීටර් 200ක දුරක් ගමන් කළ හැකි ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.

යුක්රේන නායකයා ලන්ඩනයේ සිදුකළ සංචාරයේදී මෙම එකඟත්වය ඇතිවී තිබෙන අතර, බටහිර යුරෝපා රාජ්‍යයන් හි ඔහුගේ සංචාරය අතරතුර මෙසේ ලන්ඩනය වෙත පැමිණ තිබේ.

මේ අතර, පසුගිය සතියේ යුක්රේනය වෙත ෂැඩෝ ස්ටෝම් දිගුදුර මිසයිල ලබාදීමද ලන්ඩනය තහවුරු කළ අතර, මෙය රුසියාවේ මිසයිලවලට ප්‍රතිප්‍රහාර දැක්වීමට ලබාදුන් ආයුධ තොගයක් බව සඳහන් විය.



Recommended Articles