යුක්රේනයට ප්‍රහාරක යානා දෙන්න පෝලන්තය කැමතියි


ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධානව, ඒකාබද්ධ දේශසීමා හමුදාවක් ගොඩනගන්නේ නම් යුක්රේනයේ සහායට තමන් MIG ප්‍රහාරක ජෙට් යානා ලබාදීමට සූදානම් බව පෝලන්ත අගමැතිවරයා පවසයි.

යුක්රේනය වෙත රුසියාවෙන් එල්ල වන බලපෑම පසුකාලීනව යුරෝපය වෙතද එල්ලවනු ඇතැයි යන පදනම මත පෝලන්තය මේ ආකාරයෙන් යුක්රේනයට සිය සහාය ලබාදීම සඳහා අවස්ථා ගණනාවකදී අදහස් ප්‍රකාශ කර ඇත.

එහිදී, රුසියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් බිලියන ගණනින් යුක්රේනය වෙත මුදල් හා අවිආයුධ පොම්ප කරමින් සිටින්නේ, යුරෝපයේ සෙසු රාජ්‍යයන් වෙතද මෙම සටනට අරමුදල් හා අවිආයුද ලබාදෙන ලෙස බල කරමිනි.



Recommended Articles