යුක්රේනයට කොරියාවෙන් සෘජුවම ආයුද ඉල්ලා සිටියි


නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳුදා දකුණු කොරියාවෙන් ඉල්ලා සිටියේ ගැටුම් පවතින රටවලට ආයුධ අපනයනය නොකිරීමේ රීතිය නැවත සලකා බලන ලෙසයි.

එවිට රුසියාවේ ආක්‍රමණය මැඬපැවැත්වීම සඳහා යුක්රේනයට සන්නද්ධ වීමට එය උපකාරයක් වනු ඇති බව හෙතෙම සඳහන් කර තිබේ.

"මම කොරියානු ජනරජයෙන් ඉල්ලා සිටින්නේ හමුදා සහාය පිළිබඳ නිශ්චිත ගැටළුව ඉදිරියට ගෙන යන ලෙසයි" යනුවෙන් ඔහු සෝල් හි උසස් අධ්‍යයන සඳහා වූ චේ ආයතනයට කළ කතාවකින් පසු ප්‍රශ්නෝත්තර සැසියකදී පැවසීය.

“ගැටුම් පවතින රටවලට කිසිදා අවි අපනයනය නොකිරීමේ ප්‍රතිපත්තියක් ලෙස සිටි නේටෝ සගයන් කිහිප දෙනෙක් දැන් එම ප්‍රතිපත්තිය වෙනස් කර තිබෙනවා” ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ ජර්මනිය, නෝර්වේ සහ නේටෝ අයදුම්කරු ස්වීඩනය යුක්රේනයට උපකාර කිරීම සඳහා ආයුධ අපනයන ප්‍රතිපත්ති වෙනස් කළ රටවල් ලෙසිනි.



Recommended Articles