යුක්රේනයට බටහිර රාජ්‍යයන්ගෙන් අවි ආයුධ සැපයීම මොස්කව් සහ කියෙව් අතර පවතින ගැටුම වඩාත් නරක අතට හැරීමට පමණක් උපකාරී වන බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රියාබ්කොව් සෙනසුරාදා ප්‍රකාශ කළේ, රුසියානු හමුදා එවැනි බෙදාහැරීම් ඉලක්ක කළ හැකි බවට අනතුරු අඟවමිනි.
"වොෂිංටනයේ මැදිහත්වීම සමග, රටවල් කිහිපයකින් යුක්රේනයට ආයුධ පොම්ප කිරීම අනතුරුදායක පියවරක් පමණක් නොවෙයි, මෙම අවි ආයුධ පෙළ නීත්‍යානුකූල ඉලක්ක බවට පත් කරන දෙයක් බව අපි එක්සත් ජනපදයට අනතුරු අඟවන්නට කැමතියි" රියාබ්කොව් රුසියාවේ චැනල් වන් වෙත පැවසීය. කෙසේ වෙතත් රුසියාව මෙම අවි ආයුධ රැගත් රථ පෙළ ඉලක්ක කරන්නේ, කොතැනද සහ කවදාද යන්න ඔහු විස්තර කළේ නැත.
විශේෂයෙන්ම අතේ ගෙනයා හැකි ගුවන් ආරක්ෂක සහ ටැංකි නාශක මිසයිල වැනි භයානක අවි නොසැලකිලිමත් ලෙස යුක්රේනය වෙත භාරදීම බටහිර ජාතීන්ටම තර්ජනයක් වන බවටද රියාබ්කොව් අනතුරු ඇඟවීය.
මෙම සතිය මුලදී, රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ගැටුම අවසන් වීමෙන් පසු එවැනි අවි ආයුධ වැරදි පුද්ගලයන් අතට පත්වීමේ ගැටලුව ගැන කණස්සල්ල පළ කළේය. විශේෂයෙන්ම මෙම අතේ ගෙන යා හැකි ගුවන් ආරක්ෂක මිසයිල ඉදිරි වසරවලදී යුක්රේනයේ හෝ යුරෝපය පුරා අහසේ සිවිල් ගුවන් සේවා සඳහා විශේෂ අවදානමක් ඇති කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.