යුක්රේනය බ්‍රිතාන්‍ය රැජින අතට මිසයිලයක් ලබාදෙයි


යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් බ්‍රිතාන්‍යයේ පාලන බලය දරන දෙවැනි එලිසබෙත් රැජින සිය උරහිස් මත NLAW යුද ටැංකි නාශක මිසයිල විදිනයක් ඉලක්ක කර ගනිමින් සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය සටහනකට එක්කර තිබේ. මෙය යුක්රේන රජය විසින් ආන්දෝලනාත්මක සමාජ මාධ්‍ය පළ කිරීම් පෙළක නවතම ඡායාරූපය ලෙස සැලකෙයි.

මෙම චිත්‍රයේ රැජින බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිසයිල විදිනවලින් එකක් සිය උරහිස මත තබාගෙන එය එල්ල කරගෙන සිටින ආකාරය නිරූපණය කර ඇති අතර, ඇගේ අනෙක් අත යුක්‍රේනියානු සංඛේතයන්ගෙන් සරසා ඇත.

 "දෙවියන් වහන්සේ රැජිනට, යුක්රේනයට සහ මුළු ලෝකයටම ආශීර්වාද කරයි" යනුවෙන් පින්තූරයට ඉහළින් වූ ශීර්ෂ පාඨයක දැක්වෙයි.

බ්‍රිතාන්‍යය විසින් යුක්රේනයට එක් වරක් පමණක් භාවිත කළ හැකි NLAW මිසයිල විදින දහස් ගණනක් පරිත්‍යාග කර තිබුණි.



Recommended Articles