යුක්රේනය වෙත බටහිර අවි ආයුධ සහ අනෙකුත් ආධාරවල ස්ථාවර ප්‍රවාහයක් සහ මොස්කව් මත පෙර නොවූ විරූ ආර්ථික පීඩනයක් තිබියදීත්, යුක්රේනයේ ආධාරකරුවන් අතර වෙහෙස වැඩිවී ඇති අතර, ගැටුම කෙරෙහි වූ චිත්තවේගීය මැදිහත්වීමද අඩුවීමක් පෙන්නුම් කරන බව පෝලන්ත අගමැති මෙටේව්ස් මොරවිඒකි ප්‍රකාශ කරයි.
"මාස කිහිපයකට පෙර, සාකච්ඡා වෙනස් චිත්තවේගීය මට්ටමක පැවතුණා. නමුත් දැන් ඒ පැවති උනන්දුව වෙනස් වෙමින් තිබෙනවා." ඩාවෝස් හි ලෝක ආර්ථික සංසදයට සමගාමීව එරට රාජ්‍ය රූපවාහිනිය සමග වූ සාකච්ඡාවකදී අගමැතිවරයා සඳහන් කළේය.
"බටහිර, නිදහස් ලෝකයට, ටිකක් මහන්සියි. මොකද සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කැමතියි," අගමැතිවරයා කියා සිටියේය. "අද, මම මෙය ඉතා පැහැදිලිව දකින අතර මට ලෝක නායකයින්ට අනතුරු ඇඟවීමට අවශ්‍යයි. මොකද රුසියාව ඉවසිලිවන්තව ක්‍රියාකරන අතර, දීර්ඝ කාලීනව යුක්රේනය මත සිය ග්‍රහණය දැඩි කිරීමට අපේක්ෂා කරනවා."
"හැමෝම කැමති සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. නමුත් යුක්රේනය වැටුණොත් එය සාමාන්‍ය ජීවිතයක් වේවිද?" ඔහු තර්ක කළේ, "වාසනාවකට" ඔහු ඩාවෝස්හි බටහිර නායකයින් අතර යුක්රේනය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් "පුළුල් සම්මුතියක්" දකින බවද පවසා සිටියේය.