රුසියාව යුක්රේනයේ සිදුකරන විශේෂ හමුදා මෙහෙයුම අතරතුර න්‍යෂ්ටික අවි භාවිත කිරීමට අදහස් නොකරන බව රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබේ.
අමාත්‍යාංශයේ ප්‍රකාශක ඇලෙක්සෙයි සයිට්සෙව් වාර්තාකරුවන්ට පැවසුවේ රුසියාව විසින් න්‍යෂ්ටික අවි භාවිතය යුක්රේනයේ සිය හමුදා මෙහෙයුමට අදාළ නොවන බවයි.
"න්‍යෂ්ටික යුද්ධයක් ජයගත නොහැකි අතර කිසිදා එවැනි සටන් නොකළ යුතුය" යන මූලධර්මයට රුසියාවේ කැපවීම යළි තහවුරු කරන බව පැවසූ ඔහු, රුසියාව විසින් න්‍යෂ්ටික අවි භාවිත කිරීම පිළිබඳ මතයන් ව්‍යාජ ඒවා බව පැවසීය.
රුසියාව මෑතකදී එක්සත් ජනපදය සහ න්‍යෂ්ටික අවි ඇති අනෙකුත් රටවල්ද එම මූලධර්මය යළි තහවුරු කිරීමට පොළඹවා ගත් බව ඔහු අවධාරණය කළේය.
චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය යන න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන් පහේ නායකයන් ජනවාරි මාසයේදී න්‍යෂ්ටික යුද්ධය වැළැක්වීම සහ අවි තරඟ වළක්වා ගැනීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, "න්‍යෂ්ටික යුද්ධයක් ජයගත නොහැකි අතර කිසිදා සටන් නොකළ යුතු බව" තහවුරු කළේය.