යුක්රේනය ඉරාන තානාපති සිය රටින් නෙරපා හරියි


රුසියාවට සටන් ඩ්‍රෝන යානා විකිණීමේ ටෙහෙරානයේ ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් යුක්රේනයේ සිටින ඉරාන තානාපතිවරයාගේ ප්‍රතීතනය අවලංගු කළ බවත්, තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුකරන ලෙසත් යුක්රේනය දන්වා තිබේ.

මොස්කව් වෙත ආයුධ සැපයීම ඉරානයේ ඉහළ නායකත්වය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද මධ්‍යස්ථභාවය, යුක්රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම යන ස්ථාවරයට සෘජුවම පටහැනි යැයි එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙය යුක්රේන-ඉරාන සබඳතාවලට බරපතල පහරක් බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.



Recommended Articles