එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ වටලනු ලැබූ ගිනිකොනදිග යුක්රේන නගරයක් වන මරියුපෝල් හි වානේ කම්හලේ සිටින සාමාන්‍ය ජනතාව ඉවත් කිරීම සඳහා දැඩි සාකච්ඡා දිගටම කරගෙන යන බවයි.
යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සමග සාකච්ඡාවේදී මෙම ජනතාව ඉවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහ රතු කුරුස සංවිධානයේ මැදිහත්වීම සඳහා රුසියානු නායකයා සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වූ බව මහලේකම්වරයා සඳහන් කළේය.
"මරියුපෝල් යනු අර්බුදයක් තුළ ඇති අර්බුදයක්. සිවිල් වැසියන් දහස් ගණනකට ජීවිතාරක්ෂක ආධාර අවශ්‍ය වෙනවා. බොහෝ දෙනෙක් වයෝවෘද්ධ, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය හෝ සීමිත සංචලනය ඇති අයයි" ගුටරෙස් යුක්රේන ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු වාර්තාකරුවන්ට පැවසීය.
යුක්රේනය මරියුපෝල් සිට මිනිසුන් ඉවත් කිරීම සඳහා හදිසි සාකච්ඡා සඳහා සූදානම් බවත්, මෙම මෙහෙයුම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සහභාගීත්වය උපකාර වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සෙලෙන්ස්කි රැස්වීමෙන් පසුව වාර්තාකරුවන්ට පැවසීය.