රුසියානු-යුක්රේන සාකච්ඡා සඳහා සක්‍රීය කොන්දේසි නිර්මානය කරන ලෙසත්, දේශපාලනමය වශයෙන් සමතයකට පහසුකම් සැලසීම සඳහා තවත් දේවල් කරන ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
"සටන් විරාමය සහ එදිරිවාදීකම් නැවැත්වීම ප්‍රවර්ධනය කිරීමේ ප්රයත්නයන් වේගවත් කිරීම ප්‍රමුඛතාව විය යුතුයි" එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත ෂැං ජුන් යුක්රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැවසීය.
යුක්රේන අර්බුදයෙන් පාඩම් ගැඹුරු සහ බැරෑරුම් ආවර්ජනයන්ට ගතයුතු බව පැවසූ ෂැං නව සීතල යුද්ධයක තර්ජනය ගැනද අනතුරු ඇඟවීය.
"සීතල යුද්ධයෙන් පසු නේටෝව නැඟෙනහිර දෙසට නැවත නැවතත් ප්‍රසාරණය වීම යුරෝපය වඩාත් ආරක්ෂිත කිරීමට අසමත් වූවා පමණක් නොව, ගැටුමේ බීජ වැපිරීමට සමත් වී තිබෙනවා" ඔහු වැඩිදුරටත් පැවසීය.