යුක්රේන සාම ගිවිසුම ගැන රුසියාව සිය අදහස් දක්වයි


මොස්කව් සහ කියෙව් අතර සාම සාකච්ඡාවල යම් ප්‍රගතියක් ඇති නමුත්, කෙටුම්පත් ගිවිසුම ඉහළම මට්ටමේ රැස්වීමක් සඳහා ඉදිරිපත් කිරීමට තවමත් සූදානම් නැති බව රුසියානු සාකච්ඡාකරුවන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා වන ව්ලැදිමීර් මෙඩින්ස්කි පවසයි.

"යුක්රේනයේ මධ්‍යස්ථ සහ න්‍යෂ්ටික නොවන තත්ත්වය සම්බන්ධ ගැටලු පිළිබඳව එහි ප්‍රවේශයේදී යුකරේන පාර්ශ්වය වඩාත් යථාර්ථවාදී වී තිබෙනවා" මෙඩින්ස්කි සඳහන් කළේය.

"ස්වාධීන යුක්රේනයක් සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සහතික පද්ධතියක්" නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මොස්කව් සහ කියෙව් අතර අවබෝධයක් ඇතිවෙමින් පවතී.

මෙඩින්ස්කි පැවසුවේ පසුගිය සතියේ ඉස්තාන්බුල්හි පැවති සාකච්ඡාවලදී පාර්ශ්වයන් විසින් එකඟ වූ අනෙකුත් දේවල් අතර, යුක්රේන භූමිය මත විදේශීය හමුදා, කඳවුරු සහ ඕනෑම ප්‍රහාරාත්මක ආයුධ යෙදවීමෙන් කියෙව් වැළකී සිටීම, සමූල ඝාතක අවි නිෂ්පාදනය කිරීම සහ රුසියාව ඇතුළු ඇපකාර රාජ්‍යවල අනුමැතියකින් තොරව විදේශීය හමුදා සමඟ අභ්‍යාස පැවැත්වීමෙන්ද වැළකී සිටීම ආදී කරුණු විය.



Recommended Articles