යුක්රේන සම්බන්ධව චීනයට භූ දේශපාලන අරමුණක් නෑ


චීනය යුක්රේනය සම්බන්ධයෙන් ආත්මාර්ථකාමී භූ දේශපාලනික අවශ්‍යතාවක් හෝ අරමුණක් නොමැති බවත්,  ගැටුම සම්බන්ධයෙන් උදාසීන ආකල්පයක් නොරදන අතරම, ගින්නට ඉන්ධන එකතු කිරීමක් නොකරන බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පවසයි.

යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා සමග දුරකථන සංවාදයකදී වැන්ග් මේ බව ප්‍රකාශ කළේය. මාර්තු 1දා ඔවුන් එකිනෙදා ඇමතීමෙන් පසුව, අමාත්‍යවරුන් දෙපළ අදහස් හුවමාරු කරගත් ප්‍රථම අවස්ථාව මෙය විය.

යුක්රේන තත්ත්වය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ එක් අවංක අපේක්ෂාවක් පමණක් වන අතර එය සාමය බව වැන්ග් අවධාරණය කළේය. රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා චීනය පිළිගන්නා අතර, ඔවුන් මුහුණදෙන දුෂ්කරතා සහ ඔවුන් අතර ඇති වෙනස්කම් නොසලකා සාකච්ඡා සඳහා කැපවී සිටින ලෙස ඔහු දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය.

අර්බුදයෙන් පාඩම් ඉගෙන ගැනීමේ වැදගත්කම සහ යුරෝපයේ කල්පවත්නා ආරක්ෂාව පවත්වා ගැනීමට මාර්ගයක් සොයා ගැනීමේ වැදගත්කම වැන්ග් අවධාරණය කළේය. නොබෙදිය හැකි ආරක්‍ෂාව පිළිබඳ මූලධර්මය මත පදනම් වූ සමතුලිත, ඵලදායි සහ තිරසාර යුරෝපීය ආරක්‍ෂක රාමුවක්‌ සැකසීමට සහ සමකාලීන සංවාදයක්‌ පවත්වන ලෙස ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.



Recommended Articles