යුක්රේන වෙළඳ සංකීර්ණ වෙත මිසයිල ප්‍රහාරයක්


මධ්‍යම යුක්රේනයේ ක්‍රෙමෙන්චුක් හි වෙළෙඳ සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16දෙනෙකු මිය ගොස් තවත් 59දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ හදිසි සේවා ප්‍රධානියා පවසයි.

"මේ වනවිට අපි දන්නවා 16දෙනෙක් මිය ගොස් 59දෙනෙකු තුවාල ලබා ඇති බව. ඔවුන්ගෙන් 25දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. තොරතුරු යාවත්කාලීන වෙමින් පවතිනවා" සර්ජි කෘක් සඳහන් කළේය.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සඳුදා ටෙලිග්‍රාම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මිසයිලය පහර දෙන විට සිවිල් වැසියන් 1,000කට වැඩි පිරිසක් සාප්පු සංකීර්ණයේ සිටි බවත්, ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට චෝදනා කරන බවත්ය.

වෙළෙඳ සංකීර්ණය දළ වශයෙන් පාපන්දු පිටි දෙකක් තරම් විශාල වන අතර ප්‍රහාරය සිදුවී ඇත්තේ සවස 4ට පමණය. ගින්නෙන් ගිලී ඇති ගොඩනැගිල්ලෙන් දැඩි දුමාරයක් පැතිර යන බව එම ස්ථානයේ සිට ඡායාරූපවලින් දැක්වේ.



Recommended Articles