යුක්රේනයේ ආරංචි මාර්ග කියා සිටියේ මෙම සතිය මුලදී මොස්කව් සමග සාකච්ඡා කිරීමට යවන ලද කියෙව් හි නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.
ඩෙනිස් කිරීව් නැමැත්තාගේ මරණය පිළිබඳ ප්‍රථම ප්‍රකාශය පැමිණියේ මතභේදාත්මක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුබින්ස්කි විසිනි. සමාජ මාධ්‍යවල සටහනක් තබමින් ඔහු කියා සිටියේ කිරීව් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී යුක්රේන ආරක්ෂක සේවය වන SBU හි නියෝජිතයන් විසින් කිරීව් ඝාතනය කර ඇති බවයි.
මෙම ප්‍රකාශය පසුව යුක්රේනයේ තවත් මාධ්‍ය ආයතන දෙකක් විසින් මෙය තහවුරු කරන ලදී. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන්ගෙන් තවමත් නිල ප්‍රකාශයක් ලැබී නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර යුක්රේන දේශපාලනඥයෙකු සහ මාධ්‍යවේදියෙකු වන ඇනටෝලි ෂරිජ් පවසන්නේ, කියෙව්හි උසාවිය අසලදී හිසට වෙඩි තැබීමකින් කිරීව් ඝාතනය කර ඇති බවය.
බැංකු කටයුතු පිළිබඳ පසුබිමක් ඇති කිරීව් පසුගිය සඳුදා රුසියාව සමග පැවති පළමු වැනි සාම සාකච්ඡා වටයේදී අනෙකුත් යුක්රේන නිලධාරීන් සමග ඊට සම්බන්ධ වී ඇත. පසුගිය මාසයේ, යුක්රේනියානු රූපවාහිනියේ චැනල් 5 කියා සිටියේ කිරීව් අවම වශයෙන් 2020 සිට රුසියානු ඔත්තු සේවා සමග සම්බන්ධ යැයි කියනු ලබන සම්බන්ධතා සම්බන්ධයෙන් SBU විසින් විමර්ශනය කර ඇති බවය.