යුක්රේනය සහ රුසියාව අතර ආතතීන් නව ඉහළ මට්ටමක් කරා පැමිණීමත් සමග, යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පවත්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බදාදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගෙන් ඉල්ලා සිටියේ රුසියානු හමුදා යුක්රේනයට පහර දීම නතර කර සාමයට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.
යුක්රේන-රුසියා අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි සැසිවාරයේදී ගුටරෙස් මේ බව ප්රකාශ කළේය.