යුක්රේන යෝජනාව සම්මත කිරීමට UN අපොහොසත්ලු


යුක්රේන-රුසියා අර්බුදය සම්බන්ධයෙන් කෙටුම්පත් යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අපොහොසත් වී තිබේ.

එක්සත් ජනපදය සහ ඇල්බේනියාව විසින් යෝජනා කරන ලද කෙටුම්පත නිත්‍ය සාමාජික රුසියාව විසින් නිෂේධ බලයෙන් ප්‍රතික්ෂේප කරන ලද බැවින් එය ප්‍රතික්ෂේප වී ඇත.

කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනාගෙන් නිෂේධ බලයක් ලෙස හඳුන්වන ඕනෑම සෘණාත්මක ඡන්දයක් යනු අසාර්ථක යෝජනාවකි.

චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටීමද ලෝක දේශපාලන සන්ධර්භයේ සුවිශේෂී අවස්ථාවක් විය.



Recommended Articles