යුක්රේන යුද්ධයේදී විදෙස් හමුදා මුලින්ම බිල්ලට දෙයි


යුක්රේනය රුසියාව සමග ගැටුමේදී විදේශීය ස්වේච්ඡා භටයන් ඉදිරි පෙළට යොදවා ඇති අතර, ඔවුන්ට පුහුණුව හෝ සටන් අත්දැකීම් නොමැති වීමෙන් යුක්රේනය විසින් ඔවුන් වැඩි පිරිසක් බිල්ලට දෙන බවත් රුසියාවේ ඉහළම ආරක්ෂක නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පවසයි.

යුක්රේන හමුදාපතිවරුන් විදේශිකයන් ඉතිරි නොකරන බවත්, තමන්ගේ හමුදාවන් අතර සිදුවන පාඩු අවම කර ගැනීම සඳහා පළමුව මෙම විදෙස් භටයන් කැප කරන බවත් හෙතෙම සඳහන් කළේය. මේ නිසා සැලකිය යුතු කුලී හේවායන් පිරිසක් යුක්රේනය හැර යාමට උත්සාහ කරන නමුත්, කියෙව් පාලනය හැකි සෑම ආකාරයකින්ම ඔවුන් විදේශගත වීම වළක්වා ඇති බවත් කොනෂෙන්කොව් වැඩිදුරටත් පැවසීය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ලෙස කටයුතු කරන කොනෂෙන්කොව් පෙන්වා දෙන්නේ, මැයි මස මුල සිට රුසියානු සන්නද්ධ හමුදාවන්ට එරෙහි ගැටුම්වලට සහභාගී වීමට විදේශීය කුලී හේවායන් යුක්රේනය වෙත ගලාඒම බොහෝ සේ වියළී ගොස් ඇති බවය. ආරම්භයේදී සමාජජාලා තුළ පවා පැවති මේ උනන්දුව දැන් අඩුවී ඇති බව සඳහන් වෙයි.



Recommended Articles