යුක්රේන යුද්ධයේ නියමුවා බයිඩන් - ට්‍රම්ප් පතුරු ගසයි


යුක්රේනය තුළ වත්මන් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ මතභේදාත්මක ව්‍යාපාරික ගනුදෙනු ගැන සඳහන් කරමින් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ, ජනපති ජෝ බයිඩන්ට යුක්රේනයේ ගිනි අවුලුවාලීම නොකළ යුතුව තිබූ බවයි.

ට්‍රම්ප් සෙනසුරාදා ජෝර්ජියාවේ වාණිජ්‍යයේ පැවති දැවැන්ත දේශපාලන රැලියක් ඉදිරියේ කතා කළ අතර, යුක්රේනය ආක්‍රමණය කිසි විටෙකත් සිදු නොවිය යුතුව තිබූවක් බව අවධාරණය කළේය. එහිදී වත්මන් ජනපති ජෝ බයිඩන්ට දැඩි වාග් ප්‍රහාරයකින් බැණ වැදුණු ට්‍රම්ප්, එය වළක්වා ගැනීම ඔහු සිදු නොකළ බව සඳහන් කළේය.

"තමන් කරන්නේ මොන මගුලක්ද කියා නොදන්නා සහ තමන් ඉන්නේ කොහේදැයි කියා නොදන්නා ජනාධිපතිවරයෙක් තමයි, අපිට ඉන්නෙ. නමුත් ව්‍යාජ ප්‍රවෘත්ති විසින් කියන්නට උත්සාහ කරන්නේ ඔහු දක්ෂ ලෙස ක්‍රියා කරන බවයි" ට්‍රම්ප් පැවසීය.

"ජෝ බයිඩන්ට යුක්රේනයෙන් කොපමණ මුදලක් ලබාගන්නේද යන්න අප දන්නේ නෑ. ඒ නිසා යුක්රේනය සමග සම්බන්ධ ඕනෑම ගනුදෙනුවකින් ඔහු ඉවත් විය යුතුයි. ඔවුන්ගේ පවුල දැනටමත් ඉන් ධනයක් උපයාගෙන තිබෙනවා." ජනාධිපතිගේ පුත් හන්ටර් බයිඩන් සහ යුක්‍රේන ගෑස් සමාගමක් අතර සිදුවූ බව කියන දූෂිත ක්‍රියාකාරකම් ගැන සඳහන් කරමින් ට්‍රම්ප් කියා සිටියේය.

යුක්රේනයේ විශාලතම පුද්ගලික ස්වාභාවික ගෑස් නිෂ්පාදකයෙකු වන බුරිස්මා හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලයට තරුණ බයිඩන් එක් වූයේ වර්ෂ 2014 දීය. කියෙව්හි මයිඩාන් විරෝධතාවලින් පසුව අවසානයේ රට තුළ බටහිර ගැති රජයක් ස්ථාපිත විය. මෙම ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයට හිටපු ජනාධිපති බරැක් ඔබාමාගේ පරිපාලනය පිටුබලය දුන් අතර, එවකට ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා වූයේ ජෝ බයිඩන්ය.



Recommended Articles