එක්සත් ජනපදය බොරුකාරයෙකු සහ කරදරකාරයෙකු ලෙස නම් කර ඇති, චීන ආරක්ෂක අමාත්‍යාංශය යුක්රේන අර්බුදයේ විශාලතම ආරම්භකයා කුමන රටදැයි හැමෝම දන්නා බව පවසා සිටියේය.
යුක්රේනයට රුසියාව එල්ල කරන ප්‍රහාරය ගැන බීජිං කල්තියා දැන සිටි බවටත්, බීජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල අවසන් වන තෙක් එය ප්‍රමාද කරන ලෙස චීනය පවා මොස්කව්ගෙන් ඉල්ලා සිටි බවටත් නම් නොකළ එක්සත් ජනපද නිලධාරීන්ගේ චෝදනා ගැන අදහස් දක්වමින් චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක වූ ක්යන් මෙම පැහැදිලි කිරීම් සිදුකළේය.
චීනයට දොස් පැවරීමේ සහ මඩ ගැසීමේ අරමුණු සඳහා පමණක් සේවය සාවද්‍ය තොරතුරු පවසමින් චීනය රුසියාවට හමුදා ආධාර ලබාදෙන බව කියන වාර්තා හෙතෙම හෙළා දුටුවේය.
"බොරුකාරයෙකු සහ කරදර ඇති කරන්නෙකු ලෙස එක්සත් ජනපදයේ සැබෑ මුහුණුවර මෙම චෝදනාවලින් පෙන්නුම් කෙරෙන කෙරෙනවා. යුක්රේන ප්රශ්නය සම්බන්ධයෙන් චීනය ඉලක්ක කර ගනිමින් ව්‍යාජ සහ ද්වේෂසහගත තොරතුරු පතුරුවා හැරීමට එක්සත් ජනපදය දරන උත්සාහයට තම රට දැඩි ලෙස විරුද්ධ වෙනවා." ඔහු පැවසීය.
යුක්රේන යුද්ධය විවිධ හේතූන් මත සහ සංකීර්ණ ඓතිහාසික සන්දර්භයක් තුළ ඇති වූවක් බව අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළ නමුත්, අද අර්බුදයේ ලොකුම වගකීම දරන්නේ කුමන මහා බලවතාද යන්න සියල්ලෝම වටහාගෙන සිටින්නේදැයි ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.