යුක්රේන බිම්බෝම ඉවත් කිරීමට තවත් වසර 10ක්


රුසියාව සමග ගැටුම අවසන් වූ පසු යුක්රේනයට සිය ගොඩබිමෙන් සහ භෞමික ජල බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට අවම වශයෙන් දශකයක්වත් අවශ්‍ය වනු ඇතැයි අනුමාන කර තිබේ.

ගුවනින් හෙළන ලද බෝම්බ 2,000ක් ඇතුළුව දහස් ගණන් පුපුරණ ද්‍රව්‍යවලින් පිරී තිබූ වර්ග කිලෝමීටර් 620ක භූමි ප්‍රමාණයක් ඉවත් කිරීමට යුක්රේනය සමත් වී ඇති නමුත් වර්ග කිලෝමීටර් 300,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් අවදානමේ පවතින බව සඳහන් වේ.

එය යුක්රේනයේ භූමි ප්‍රමාණයෙන් අඩක් පමණ වන අතර ඉතාලිය තරම් විශාල ප්‍රදේශයක් බව යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවයේ ප්‍රකාශක ඔලෙක්සැන්ඩර් කොරුන්ෂි පැවසීය.



Recommended Articles