පශ්චාත් සෝවියට් යුක්රේනයේ පළමු වැනි ජනාධිපතිවරයා වූ ලියොනිඩ් මැකරොවිච් ක්රව්චුක් වයස අවුරුදු 88 දී අභාවප්‍රාප්ත වී තිබේ.
දිගු අසනීපයකින් පසු අඟහරුවාදා පස්වරුවේ හිටපු නායකයා මිය ගිය බව ඔහුගේ පවුලේ අය යුක්රේන පුවත් ඒජන්සියට පැවසීය. හිටපු ජනාධිපතිවරයා 2021 ජුනි මාසයේදී රෝහල් ගත කර හෘද සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයේ තබා තිබුණි.
බටහිර යුක්රේනයේ රොවෝනෝ හි උපත ලද ක්රව්චුක් 1958 දී යුක්රේනයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර, ප්රචාරක දෙපාර්තමේන්තුවේ නිලයන් හරහා ඉහළට ගියේය. 1990 දී ඔහු යුක්රේන උත්තරීතර සෝවියට් සභාවේ සභාපති බවට පත්විය. කියෙව්හි යුක්රේන ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු 1991 අගෝස්තු මාසයේදී ඔහු යුක්රේනයේ වැඩබලන ජනාධිපති බවට පත් වූ අතර 1991 දෙසැම්බර් 5 වැනි දින නිල වශයෙන් තේරී පත් විය.