යුක්රේන නායකයා සූදුවක


න්‍යෂ්ටික අවි පසුපස හඹා යෑමෙන් යුක්රේන ජනාධිපතිවරයා තම රාජ්‍ය්‍ය සමග සූදුවක යෙදෙන බව උතුරු කොරියානු නායකයාගේ නැගෙණිය වන කිම් යෝ-ජොන්ග් පවසයි.

කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය උපුටා දක්වන ඇගේ මෙම අදහස් දැක්වීම පැමිණෙන්නේ යුක්රේන නායකයා විසින් තම රට තුළ ඇමෙරිකානු න්‍යෂ්ටික අවි ස්ථාපිත කිරීම හෝ තම රට න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ වීම යන කැමැත්ත විමසා අන්තර්ජාල මත විමසුමක් ඇරඹීමත් සමගිනි.

මේ වෙනුවෙන් අත්සන් 25,000ක් පමණ අවශ්‍ය වුවත්, තවමත් ලැබී ඇත්තේ අත්සන් 650ක් ඉක්මවන ගණනක් බවද කියැවෙයි.

උතුරු කොරියානු පාලක කම්කරු පක්ෂයේ ප්‍රධාන චරිතයක් වන කිම් යෝ-ජොන්ග් විසින් යුක්රේන නායකයාගේ මෙම දේශපාලන උපාය නිර්ලජ්ජිත උපායමාර්ගයක් බව අවධාරණය කළාය.



Recommended Articles