යුක්රේන නායකයා චීන ජනපති හමුවීමට කැමතිලු


තමාට මෑතකදී චීන ජනාධිපතිවරයා හමුවී නොමැති බවත්, ඔහු සමග කතා කිරීමට තමා කැමැත්තෙන් පසුවන බවත් යුක්රේන ජනපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසයි.

ඒපී පුවත් සේවය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පවසා ඇති අතර, වත්මන් යුද වාතාවරණයට පෙර තමාට ෂී සමග සබඳතා පැවතියත්, දැනට වසරක පමණ කාලයකින් ඒ සබඳතා ඇණහිට ඇති බවත් පවසා තිබුණි.

චීනය පසුගිය කාලයේදී යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සාම මාවතක් හෙළි කිරීමට උත්සා කරමින් සිටියත්, ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් කකුලෙන් අදින න්‍යායක පසුවන බවට චෝදනා නැගෙයි.



Recommended Articles