යුක්රේන ජනපතිවරණය ඇරඹේ තිදෙනෙක් අතර තියුණු තරගයක්


යුක්රේන ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම සෙනසුරාදා දිනයේදී ආරම්භ වී තිබේ.

එරට වත්මන් නායක පෙට්රෝ පොරොෂෙන්කෝ දෙවැනි ධුර කාලය සඳහාත් මෙවර මැතිවරණයේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙයි.

නමුත්, යුක්රේනයේ හාස්‍යෝත්පාදකයෙකු ලෙස ප්‍රකට වොලොඩිමයිර් සෙලනස්කි මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින නිසා ඔහු සම්බන්ධයෙන්ද වැඩි බලාපොරොත්තුවක් ඇතිව තිබේ.

කෙසේ වෙතත්, මෙම අපේක්ෂකයන් දෙදෙනාට අමතරව, එරට හිටපු අගමැතිනියක වූ යූලියා ටයිමොෂෙන්කෝද මැතිවරණය තුළ ඉහළ බලාපොරොත්තුවක් තැබිය හැකි අපේක්ෂිකාවක බවට පත්ව ඇත.

මැතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුටද 50%ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වුවහොත්, ඔවුන්ට අප්‍රේල් 21දා පැවැත්වෙන දෙවැනි වටයේ ඡන්ද විමසීමටද මුහුණ දීමට සිදුවනු ඇත.



Recommended Articles