යුක්රේන ජනපතිට කොවිඩ් වෛරසය අසාදානය වෙයි


යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ඔහු නිවේදනය කරයි.

42 හැවිරිදි ජනාධිපතිවරයා කියා සිටියේ තමාට අපහසුවක් නොදැනෙන බවත්, සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කර ඇති පරිදි ස්වයං හුදකලාවක පසුවන බවත්ය.

"කොවිඩ්-19 තර්ජනයක් නොවන වාසනාවන්ත පුද්ගලයින් නොමැති තරම්" සෙලෙන්ස්කි ට්විටර් පණිවුඩයේ ලියා තිබුණි. "සියලුම නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියදීත්, මට ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. නමුත් මම ශක්තිමත්ව සිටිනවා. ඒ වගේම හුදකලා වී සිටීමට පොරොන්දු වුණත්, දිගටම රාජකාරී කටයුතු සිදුකරනවා. බොහෝ මිනිසුන් මෙන් මාද කොවිඩ්-19 ජය ගන්නවා."

මිලියන 42 කට ආසන්න ජනගහනයක් සිටින යුක්රේනය යුරෝපයේ නව වැනි ඉහළම කොවිඩ්-19 ආසාදන වාර්තා කර ඇති රාජ්‍යයි. එරට මේ වනවිට ආසාදිතයන් 469,018ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 8,565කි.



Recommended Articles