යුක්රේන හමුදා ප්‍රහාරය සඳහා රුසියාවට දඬුවම් කිරීමට වොෂින්ටනයට අවශ්‍ය බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන් විසින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී වෙත යෝජනා කර ඇති අතර, එහිදී චීන රාජ්‍යතාන්ත්‍රිකයා අවවාදාත්මකව පවසා ඇත්තේ තත්ත්වය උත්සන්න කිරීමේ ඕනෑම උත්සාහයකට චීනය විරුද්ධව පෙනී සිටින බවයි.
චීන විදේශ ඇමති වැන්ග් යී සෙනසුරාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කියවීමකට අනුව, බ්ලින්කන් වැන්ග්ට පවසා ඇත්තේ, "නිදහස, ස්වයං නිර්ණය සහ ස්වෛරීභාවය යන මූලික මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන ජාතීන්දැයි බැලීමට ලෝකය බලා සිටිනවා. මේ නිසා ලෝකය (රුසියාව) ප්‍රතික්ෂේප කිරීමට එකමුතුව ක්‍රියා කරන බව පෙන්වමින් හා මොස්කව් වෙත ඉහළ මිලක් ගෙවීමට සිදුවන බව සහතික කරමින් රුසියානු ආක්‍රමණයට ප්‍රතිචාර දක්වන්න" කියාය.
එක්සත් ජනපදය සහ එහි නේටෝ සහ යුරෝපා සංගමයේ සගයන් අතර සමගිය ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන, නැගෙනහිර යුරෝපයට බ්ලින්කන් විසින් සිදුකරන ලද සංචාරයකදී මෙම සංවාදය සිදුව තිබේ. කෙසේ වෙතත් යුරෝපීය නායකයන් සමග එක්ව ක්‍රියා කරන බයිඩන් පරිපාලනය, යුක්රේන හමුදාවට ආයුධ සපයන අතරේ මොස්කව් වෙත ආර්ථික සම්බාධක මාලාවක් එල්ල කර තිබුණද, ජෝ බයිඩන් සහ නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් යන දෙදෙනාම යුක්රේනය තුළ හමුදාමය මැදිහත්වීමක් පැහැදිලිවම ප්‍රතික්ෂේප කර ඇත.
සතුරුකම් ආරම්භයේ සිටම චීනය අවධාරණය කර තිබුණේ, රුසියාව සහ යුක්රේනය ගැටුම සාකච්ඡා මේසයේදී විසඳා ගත යුතු බවය. චීනයේ පැත්තෙන් සෙනසුරාදා ඇමතුම නිල වශයෙන් කියවීමට අනුව, එම ස්ථාවරය නොවෙනස්ව පවතී.
"ගැටුම් උග්රවීම වැළැක්වීම සහ දේශපාලන සමථයකට පත් කිරීමට දායක වන සියලුම ප්රයත්නයන්ට චීනය සහාය දක්වනවා. ඒ වගේම, එක්සත් ජනපදය, නේටෝව, යුරෝපා සංගමය සහ රුසියාව සමාන සංවාද පැවැත්වීම අවශ්‍යයි. විශේෂයෙන්ම මොස්කව් විසින් පිළිගත නොහැකි ආරක්ෂක තර්ජනයක් ලෙස සලකන නේටෝව සීතල යුද්ධයෙන් පසු පැරණි වෝර්සෝ ගිවිසුම් ප්‍රාන්තවලට ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් මේ සංවාද සිදුවිය යුතුයි." වැන්ග් සඳහන් කළේය.
"රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ප්‍රවර්ධනය කිරීම වෙනුවට ගින්න අවුළුවා තත්ත්වය උත්සන්න කරන ඕනෑම ක්‍රියාවකට චීනය විරුද්ධ වෙනවා" යැයි චීන විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවට අවධාරණය කළේය.