මොස්කව් හමුදාවන්ට එරෙහිව කියෙව්හි ඵලදායි ප්රතිප්රහාරය නොතකා රුසියාව සහ යුක්රේනය අතර ගැටුම ඉක්මනින් අවසන් නොවනු ඇතැයි නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්රකාශ කරයි.
සිකුරාදා බීබීසී රේඩියෝවට අදහස් දක්වමින් නේටෝ ප්රධානියා පැවසුවේ “යුක්රේන සන්නද්ධ හමුදාවන්ට භූමිය ආපසු ලබා ගැනීමටත්, රුසියානු ආරක්ෂක වළලු පිටුපසින්ද ප්රහාර එල්ල කිරීමට හැකි වී ඇති බව දැකීම අතිශයින්ම දිරිගන්වනසුළු” බවයි.
කෙසේ වෙතත්, "මෙය යුද්ධයේ අවසානයෙහි ආරම්භය නොවෙයි. දිගු ගමනක් සඳහා අප සූදානම් විය යුතු" බව තේරුම් ගැනීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.
ස්ටෝල්ටන්බර්ග්ගේ ප්රකාශය පැමිණෙන්නේ රුසියාව සිය හමුදා ඊසානදිග යුක්රේනයේ ඉසියම් නගරය ඇතුළු ජනාවාස කිහිපයකින් ඉවත් කර ගැනීම නිවේදනය කිරීමෙන් පසුවය. ඩොනෙට්ස්ක්හි හමුදා ශක්තිමත් කිරීමට පියවර ගත් බව මොස්කව් පවසන අතර කියෙව් රුසියානු ඉවත්වීම ජයග්රහණයක් ලෙස සමරා ඇති බවද කියයි.