යුක්රේනය ක්රිමියානු අර්ධද්වීපයේ පාලනය නැවත ලබා ගන්නා තෙක් රුසියාවට එරෙහිව සටන් කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.
"යුක්රේනයට එරෙහි මේ රුසියානු යුද්ධය, සමස්ත නිදහස් යුරෝපයට එරෙහිව, ක්රිමියාවෙන් ආරම්භ වූවක්. ඒ නිසා එය ක්‍රිමියාවෙන්ම, එහි විමුක්තියත් සමග අවසන් විය යුතුයි" සෙලෙන්ස්කි වීඩියෝ දේශනයකදී පැවසීය.
“ක්රිමියාව යුක්රේනියානුයි, අපි එය කිසිදා අත් නොහරිමු,” යුක්රේන නායකයා පැවසීය.
"අපගේ අර්ධද්වීපය හමුදා කඳවුරක් ලෙස භාවිත කිරීමට රුසියාවට හැකි තාක්කල් කළු මුහුදේ සහ මධ්‍යදරණී ප්‍රදේශවල සාමයක් ඇති නොවනු ඇති. " සෙලෙන්ස්කි වැඩිදුරටත් පැවසීය.