යුක්රේන කාන්තාවන් වැඩි වශයෙන් ගණිකා වෘත්තියට


චෙක් ජනරජයේ තැරැව්කරුවන් යුක්රේන සරණාගත කාන්තාවන් ගණිකා වෘත්තියට ඇද දමමින් සිටින අතර ඇතැමුන් දේශසීමාවලදී බදවා ගැනීම් පවා සිදු කරන බව චෙක් ලිංගික ශ්‍රමිකයන්ගේ ආධාර කණ්ඩායම් උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

"බොහෝ විට ඔවුන් ලිංගික ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ මූල්‍ය දුෂ්කරතා නිසයි" කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා වූ උපදේශන කණ්ඩායම් සංගමයේ සම්බන්ධීකාරක පැවසීය.

අසැබි වෙබ් අඩවිවල යුක්රේන කාන්තාවන් අලෙවි කෙරෙන සැක කටයුතු දැන්වීම් පිළිබඳව තම සංවිධානයට තොරතුරු ලැබී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.



Recommended Articles