යුක්රේනයේ දළ දේශීය නිෂ්පාදිතය මූලික ඇස්තමේන්තුවකට අනුව 2022 දී 30.4% කින් පහත වැටී තිබේ.
එය බලාපොරොත්තු වූවාට වඩා අඩු පහත වැටීමක් බව ආර්ථික අමාත්‍ය යුලියා ස්විරිඩෙන්කෝ පැවසීය.
ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 1991 නිදහස ලැබීමෙන් පසු යුක්රේනයේ ආර්ථිකයට සිදුවූ විශාලතම පාඩුව රුසියාව සමග පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ යුද ගැටුම් හේතු වූ බවයි.