යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා සඳහා සුදුසු වාතාවරණයක් සහ කොන්දේසි නිර්මානය කිරීමට උත්සාහ කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත ෂැං ජුන් ඉල්ලා සිටියේය.
යුක්රේනයේ තත්ත්වය තියුණු ලෙස වෙනස් වෙමින් පවතින අතර, එය චීනය දැකීමට අකමැති සහ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය නොවන තැනට පරිණාමය වී ඇති බව හෙතෙම සඳහන් කළේය.
දේශපාලන විසඳුමක් ඉලක්ක කර ගනිමින් රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන් වේගවත් කරන අතරම, තත්ත්වය නරක අතට හැරීම වැළැක්වීම, සංයමයෙන් ක්‍රියා කිරීම, අදාළ සියලු පාර්ශ්වයන් සඳහා ක්ෂණික ප්‍රමුඛතාව බව ඔහු යුක්රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හදිසි විශේෂ සැසිවාරයේදී පැවසීය.
"රුසියාව සහ යුක්රේනය අතර සෘජු සංවාද සහ සාකච්ඡා ආරම්භ කිරීම චීනය සාදරයෙන් පිළිගන්නවා" යුක්රේනය ප්‍රධාන බලවතුන් අතර ගැටුම සඳහා මුරපොලක් වෙනුවට නැගෙනහිර සහ බටහිර අතර සන්නිවේදන පාලමක් ලෙස සේවය කළ යුතු බව ෂැං පැවසීය.
"ප්රශ්නය විසඳීමට ඇති මූලික මාර්ගය මෙය වන බැවින්, අදාළ පාර්ශ්ව අතර සෘජු සාකච්ඡා සඳහා සක්‍රීය වාතාවරණයක් සහ කොන්දේසි නිර්මානය කිරීමට උත්සාහ කරන ලෙස අපි ඉල්ලා සිටිනවා" ඔහු පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අදාළ පාර්ශ්වයන් විසින් ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග කලාපීය සාමය සහ ස්ථාවරත්වය සහ සියලු දෙනාගේ විශ්වීය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු අතර, ආතතිය උග්‍ර කළ හැකි ඕනෑම ප්‍රවේශයක් වළක්වාලීමට සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සඳහා පහසුකම් සැලසීමට උපකාරී විය යුතු බව ඔහු අවධාරණය කළේය.
යුක්රේනයේ මානුෂීය ආධාර සඳහා අදාළ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල අඛණ්ඩ වැඩ සඳහා චීනය සහාය දක්වන අතර, සිවිල් ජීවිත හා දේපළවල ආරක්ෂාව සහ ඔවුන්ගේ මානුෂීය අවශ්‍යතා ඵලදායී ලෙස සහතික කළ යුතු බව විශ්වාස කරන බව ඔහු පැවසීය.
"එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස, චීනය සෑමවිටම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමේ වගකීම ඉතා උනන්දුවෙන් ඉටුකරනවා" ෂැං පැවසීය.
"සියලු රටවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ආරක්ෂා කළ යුතු බවත්, අපගේ ස්ථාවර සහ නිසැක ස්ථාවරයයි. සාමය ලුහුබැඳීම සහ සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය අඛණ්ඩව නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා" ඔහු කීවේය.
නව සීතල යුද්ධයක් ඇවිස්සීමෙන් කිසිවක් ලබාගත නොහැකි අතර, සෑම කෙනෙකුටම අහිමි වීම් පමණක් හිමිවන බැවින්, කණ්ඩායම් ගැටුම මත පදනම් වූ සීතල-යුධ මානසිකත්වය අත්හැරිය යුතු බවට ඔහු අනතුරු ඇඟවීය.
එක් රටක ආරක්ෂාව අනෙකාගේ වියදමින් නොපැමිණිය යුතු අතර, කලාපීය ආරක්ෂාව හමුදා කඳවුරු ශක්තිමත් කිරීම හෝ ව්‍යාප්ත කිරීම මත රඳවා නොගත යුතු බවද ඔහු පැවසීය.
බෙදිය නොහැකි ආරක්ෂාව පිළිබඳ සංකල්පය මනසේ තබාගෙන, රුසියාව ඇතුළු සියලුම පාර්ශ්වවල නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා නිසියාකාරව ආමන්ත්‍රණය කරමින්, සමබර, ඵලදායී සහ තිරසාර යුරෝපා රටක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින්, සංවාද නැවත ආරම්භ කිරීමේදී චීනය යුරෝපා සංගමයට, නේටෝවට සහ රුසියාවට සහාය දක්වන බවද පැවසූ චීනයේ නියෝජිතයා, යුරෝපීය මහාද්වීපයේ කල්පවත්නා සාමය සහ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ආරක්ෂක යාන්ත්‍රණයක් ගොඩනැගීමේ වැදගත්කමද අවධාරණය කළේය.
සඳුදා යුක්රේනයේ මානුෂීය තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවකදී, විදේශ ජාතිකයන් ඇතුළු සියලුම සිවිල් වැසියන්ගේ ජීවිත හා දේපළවල ආරක්ෂාව සහ ඔවුන්ගේ මානුෂීය අවශ්‍යතා ඵලදායී ලෙස සහතික කළ යුතු බව චීනයේ ස්ථාවරය යැයිද ෂැං නැවත අවධාරණය කළේය.
"මහා පරිමාණ මානුෂීය අර්බුදයක් වැළැක්වීම අතිශයින් වැදගත් වෙනවා." එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත ෂැං ජුන් වැඩිදුරටත් සඳහන් කළේය.