යුක්රේන අර්බුදය හේතුවෙන් මිලියන ගණනක් කුසගින්නේ


යුක්රේනයේ අර්බුදය හේතුවෙන් උග්‍ර සාගින්නෙන් පෙළෙන ලෝකයේ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 18කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) උප අධ්‍යක්ෂ මාර්ටිනා අවධාරණය කරයි.

ඒජන්සියේ ඇස්තමේන්තුවලට අනුව, 2021 දී සාගතය රටවල් 53කට බලපෑ අතර, ලොව පුරා මිලියන 200කට ආසන්න ජනතාවක් කුසගින්නෙන් පීඩා විඳිති.

"මෙම යුද්ධය තත්ත්වය සාගතය තවත් උග්‍ර කරනු ඇති. අපගේ පළමු ඇස්තමේන්තුවට අනුව තවත් මිලියන 18ක ජනතාවකගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් ගැටුමේ වර්ධනය මත බොහෝ දේ රඳා පවතිනු ඇති බව පැහැදිලියි" මාර්ටිනා පැවසීය.

ආහාර අර්බුදයක් පවතින රටවල් 36ක් මීට පෙර රුසියාවෙන් සහ යුක්රේනයෙන් තම තිරිඟුවලින් 10%කට වඩා මිලදී ගෙන ඇති බැවින්, ධාන්‍ය සැපයුමට ගෝලීය තර්ජනයක් එල්ල වී ඇති තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටවලට භයානක වී ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.



Recommended Articles