මොස්කව් මෙතෙක් යුක්රේනයේ තීරණ ගන්නන්ට පහර දීමෙන් වැළකී සිටින නමුත්, රුසියාව තුළ කඩාකප්පල්කාරී ක්‍රියා හෝ භූමිය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට කියෙව් දිගටම උත්සාහ කරන්නේ නම්, මෙය වෙනස් වනු ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය බදාදා අනතුරු ඇඟවීය.
"රුසියානු භූමියේ පහසුකම්වලට එරෙහිව යුක්රේන හමුදාව විසින් කඩාකප්පල්කාරී ක්‍රියා සහ ප්‍රහාර එල්ල කිරීමේ උත්සාහයන් අපි දැක තිබෙනවා. එවැනි උත්සාහයන් දිගටම පැවතුනහොත්, රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා කියෙව් ඇතුළු තීරණ ගැනීමේ මධ්‍යස්ථානවලට පහර දෙනු ඇති. එය අප මෙතෙක් වැළකී සිටි දෙයක් බවද සිහිපත් කළ යුතුයි" මේජර් ජෙනරාල් ඊගෝර් කොනෂෙන්කොව් පැහැදිලි කළේය.
කොනෂෙන්කොව් විසින් මේවා කවරාකාර කඩාකප්පල්කාරී ක්රියාවන්දැයි පැහැදිලි නොකළද, රුසියාව යුක්රේනයට මායිම්ව පිහිටි ප්‍රදේශ තුනක් වන බ්‍රයන්ස්ක්, කර්ස්ක් සහ බෙල්ගොරොඩ් මෙන්ම, ක්‍රස්නෝඩර් සහ වොරොනෙෂ් යන ක්‍රිමියාවේ ප්‍රදේශවල මායිම් මහ නගර කිහිපයක ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම්ද ප්‍රකාශ කළේය.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව පසුගිය සතිය පුරා බෙල්ගොරොඩ් කලාපයේ ගුවන් ආරක්ෂක ඉතා ක්‍රියාකාරී විය. බෙල්ගොරොඩ් නගරයට දකුණින් පිහිටි ඉන්ධන ගබඩාවකට එරෙහිව හෙලිකොප්ටර් දෙකක් විසින් අප්‍රේල් 1දා එල්ල කළ ප්‍රහාරයක් කියෙව් ප්‍රථමයෙන් ප්‍රකාශ කළත්, පසුව ප්‍රතික්ෂේප කළේය. ඉන් ජීවිත හානියක් නොවූවත්, එම පරිශ්‍රයට විශාල හානියක් සිදුවිය.