ලොව විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකෙන ලෙෂාන්හි බුද්ධ ප්‍රතිමාව යළි ප්‍රතිසංස්කරණය කිරීමට චීනය සූදානම් වෙයි.
නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ, ලෙෂාන් නගරයෙන් පිටත පිහිටි මෙම දැවැන්ත බුද්ධ ප්‍රතිමාව මීටර් 71ක් උසින් යුතුය.
බුද්ධ ප්‍රතිමාවේ මුහුණ විවිධ දේශගුණික සාධක හේතුවෙන් දුර්වර්ණවීම මෙන්ම, බුද්ධ ශරීරයේ සෙසු අංගයන්හි පාසි සහ වෙනත් ශාක වැවී තිබීම නිසා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කර තිබේ. අවසන් වරට 2019 අප්‍රේල් මාසයේදී බුද්ධ ප්‍රතිමාව අලුත්වැඩියා කරනු ලැබීය.
කීර්තිමත් චීන විශේෂඥයින් විසින් පිළිමය සඳහා නව ප්‍රතිසංස්කරණ සැලැස්මක් පසුගියදා සාකච්ඡා කළ අතර, ප්‍රතිමාවට නව හැඩයක් දීමට වඩා එය තවත් කාලයක් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම එම සාකච්ඡාවේ මූලික හරය විය.
ලෙෂාන් කන්දේ ගල්තලාවක කැටයම් කර ඇති සහ ගංගා තුනක් ඉදිරියෙන් ඇති බුද්ධ ප්‍රතිමාව, වර්ෂ 713 දී ටෑං රාජවංශයේදී ඉදිකිරීම් (618-907) ආරම්භ වී වසර 90ක කාලයක් තුළ ඉදිකරන ලද්දකි.
බුද්ධ ප්‍රතිමාව පිහිටා ඇති ස්ථානයේ ස්වභාවික හා භූගෝලීය තත්ත්වයන් සැලකිල්ලට ගෙන, ප්‍රතිසංස්කරණ සැලැස්ම බුදුන් වහන්සේට "වඩා හොඳ සෞඛ්‍යයක්, අඩු මාරාන්තික රෝග සහ ඉතා දිගු ආයු කාලයක්" අරමුණු කර ගෙන ඇති අතර, සියල්ලට පිළියමක් සෙවීමට වඩා බව ෂාන් පැවසීය.
සිචුවාන් පළාත් සංස්කෘතික උරුම පරිපාලනයේ ප්‍රධානී වැන්ග් යී පැවසුවේ දෙස් විදෙස් විශේෂඥයන් මෙම දැවැන්ත බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාව පිළිබඳව ගැඹුරු සහයෝගීතාව සහ බහුවිධ පර්යේෂණ සිදුකරන බව පැවසීය.
ලෙෂාන් බුද්ධ ප්‍රතිමාව වර්ෂ 1996 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.