ඉතාලියේදී තම නවාතැනේ මිතුරිය වූ බ්‍රිතාන්‍ය ජාතික මෙරේඩිත් කර්ච්නර් ඝාතනය කළේ යැයි චෝදනා ලබා යළි නිදහස ලැබූ ඇමෙරිකානු ජාතික ඇමන්ඩා නොක්ස් යළි ඉතාලියට පැමිණ තිබේ.
ඉතාලියේ මොඩේනා නගරයේ සංවිධානය කර තිබූ අපරාධ යුක්තිය පිළිබඳ සමුළුවකට ඇයට ආරාධනා ලැබ තිබුණු අතර, එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඉතාලියට අඩිය තබන විට තමාට යළිත් පහරදීමක් හෝ චෝදනා ගොනුවීමක් සිදුවේවි දැයි බියක් දැනුණු බවයි.
බ්‍රිතාන්‍ය ශිෂ්‍යාවගේ මරණයෙන් පසුව වසර 4ක් සරගතව සිට නිදහස ලැබූ නොක්ස්, යළිත් ඉතාලිය වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
හඬා වැටෙමින් අදහස් දැක්වූ ඇය වැඩිදුරටත් කියා සිටියේ ටැබ්ලොයිඩ් පුවත්පත්වල මනංකල්පිතයන් එකල පිටු පිරවූ බවයි.
කෙසේ වෙතත්, නොක්ස් සහ ඇගේ එවකට පෙම්වතා මෙම මරණය සම්බන්ධයෙන් පසුව නිදහස ලැබු අතර, අයිවරි කෝස්ට් රාජ්‍ය උපන් රූඩි ගුඒඩේ නැමැත්තෙකු චෝදනා ලැබ තවමත් සිර දඬුවම් විඳියි.
කර්ච්නර් ගෙල සිඳ මියගොස් තිබුණු අතර, එම අවස්ථාවේදී ඇය ලිංගික අපයෝජනයකට ලක්ව තිබුණි. ඇගේ සිරුරේ තිබී රූඩිගේ ඇඟිලි සලකුණු හමුවී තිබුණි.