ඊසානදිග ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය වෙත ඇද හැලෙන මෝසම් වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර නිසා පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නේපාල රජය ප්‍රකාශ කළේ එරට තුළ පමණක් මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම, ගංවතුර හා නායයෑම් නිසා තවත් පුද්ගලයන් 29 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, 28 දෙනෙකු තුවාල ලබා ඇති බවත් නේපාලයෙන් වාර්තා වෙයි.
මේ අතර, බංග්ලාදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුරුවලටද ගංවතුරින් දැඩි තර්ජනයක් ඇති වී තිබෙන බව එරටින් වාර්තා වෙයි.
ඒ අනුව, සමස්තයක් ලෙස මෝසම් වැසි සමග ඇති වූ අයහපත් කාලගුණයෙන් මිලියන එකහමාරක ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, දැඩි වර්ෂාවක් ඉදිරි කාලයේදීද බලාපොරොත්තු විය හැකිය.