මෝල්ඩෝවාවේ බලශක්ති හිඟය නිසා හදිසි තත්ත්වයක්


මෝල්ඩෝවාව විසින් ලබාගෙන ඇති ගෑස් සැපයුම වෙනුවෙන් රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමට ගෙවීමට ඇති හිඟ මුදල් යළි ප්‍රතිව්‍යුහගත කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමත් සමග මෝල්ඩෝවාව බලශක්ති අංශයේ හදිසි තත්ත්වයකට මුහුණදී ඇති බව එරට රජය පවසයි.

ගෙවීමට ඇති ඩොලර් මිලියන 63ක මුළු බිලෙන් ඩොලර් මිලියන 38ක් ගෙවා දැමීමට රටට හැකි වූ බව නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි ස්පිනූ පැවසීය. කෙසේ වෙතත්, රජය කියා සිටියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවයි.

මෝල්ඩෝවා සහ ගෑස්ප්‍රොම් සෑම මසකම 20 වැනි දින මාසික පෙරගෙවුම් දිනයක් සමග එරටට ගෑස් සැපයීම සඳහා පසුගිය නොවැම්බර් 01දා පස් අවුරුදු කොන්ත්‍රාත්තුවකට පිවිස තිබුණත්, රටේ මූල්‍ය අර්බුදය සමග මේ තත්ත්වය ඇතිව තිබේ.



Recommended Articles